වැලිසර නාවික හමුදා කදවුරේ භටයන් දෙදනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ස්වයං නිරෝධනයට

වැලිසර නාවික හමුදා කදවුරේ භටයන් දෙදනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ස්වයං නිරෝධනයට

වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කරමින් සිට ඉකුත් 16 සහ 20 යන දිනයන්හි නිවාඩු ලබා නිවසට පැමිණ සිටින නාවික හමුදා භටයන් දෙදෙනෙකු (24) දින සිට දින 21 ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමට නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් (24) දින කටයුතු කලහ .

නාවලපිටිය දෙකින්ද අලුත්ගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා භටයන් දෙදෙනාගෙන් එක් නාවික හමුදා භටයෙක් ඉකුත් 18 දින කතරගම ප්‍රදේශයේ මවගේ නිවසේ රැදි සිටි ගැබිණි බිරිද නාවලපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසට කැදවා ගෙනවිත් ඇති බවටද තහවුරු වි ඇත.

එම නාවික හමුදා භටයන් දෙදෙනාගේ පවුල් දෙකේම සමාජිකයන් 8 දෙනෙකු මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

 (හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Powered by Blogger.