මැතිවරණයට වෙනත් දිනයක් නම් කරන්න සූදානම් බව මැතිවරණ කොමිසම කියයි

මැතිවරණය පැවැත්වීම සඳහා දැනට ප්‍රකාශ කර ඇති ජුනි 20 දිනය නැවත සමාලෝචනය කිරීමට මැතිවරණ කොමිසමෙන් සූදානම් බව දැනුම්දී තිබේ.

ඊයේ පැවති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දී කොමිසම විසින් මෙම මේ බව සඳහන් කර ඇත.

මැයි 03 වැනි දාට පෙර පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් පසු දැනට ගැසට් කර ඇති ජුනි 20 දින හෝ නව දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිසම විසින් සඳහන් කළ බව ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයෝ පැවසූහ.

මැයි 4 දින අපේක්ෂකයන් සඳහා මනාප අංක ලබා දෙන දීමටත් එහිදී පවතින තත්ත්වය සමාලෝචනය කර නව දිනයක් ප්‍රකාශ කිරීම හෝ නොකිරීම සිදුකරන බවද කොමිසම් විසින් සඳහන් කර ඇත.


No comments:

Powered by Blogger.