ස්වීඩනයේ සොෆියා කුමරිය කොරෝනාවට එරෙහි සටනට රෝහල් සේවයට බැඳෙයි
කොවිඩ් -19 වෛරසයට එරෙහි සටනේදී ස්වීඩනයේ රාජකීය පවුලේ සාමාජිකාවක් ඉදිරිපෙළ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සේවයට එකතු වී තිබෙනවා.
ඒ, ස්වීඩනයේ රාජකීය පවුලේ සොෆියා කුමරියයි. 35 හැවිරිදි දෙදරු මවක් වන සොෆියා කුමරිය සොෆියාහෙමෙට් රෝහලට බැඳී ඇති අතර, ඇය එම රෝහලේ අනුශාසකවරියක් ද වෙයි.කොරෝනා වසංගත සමයේදී කුමරිය මෙලෙස වෛද්‍ය සේවයට එක්වීම ලොව පුරා ප්‍රශංසාවට ලක් වී ඇත.
රෝහලේ සේවයට එක්වීමට ප්‍රථම කුමරිය පුහුණු වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇති අතර ඇය වෛද්‍ය නොවන කාර්යයන් සහිත රෝහල් කාර්ය මණ්ඩලයේ සහායිකාවක් ලෙස කටයුතු කරයි.
රෝහලේ ස්වේච්ඡා සේවකයන්ගේ කාර්යභාරය වන්නේ ඉදිරිපෙළ රාජකාරී කරනු ලබන සේවකයින්ට උපකාර කිරීමයි.
රෝහල් සේවය අරඹමින් කුමරියගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පණිවුඩයක් තබමින් ඇය ස්ටොක්හෝම්හි සොෆියාහෙමෙට් විශ්ව විද්‍යාලයෙන් හදිසි ප්‍රතිකාර ලබාදීම් සඳහා පුහුණු පාඨමාලාවක් ද හැදෑරු බව සඳහන් කර ඇත.
ඇගේ නව රෝහල් හැඳුනුම්පතේ සහ ඇගේ නිල් පැහැති රෝහල් ඇඳුම් වල ඡායාරූපයක් පළකරමින් ඇය අලුතින් පුහුණුව ලැබූ සෙසු සගයන් සමඟ එක්වන බව ද සටහන් කර ඇත.
ඒ අතරම “මෙම දුෂ්කර කාලයේදී උපකාර කිරීමට අවස්ථාව ලැබීම අතිශයින්ම ප්‍රයෝජනදායකය. ස්තූතියි! ” ඇය එහි තවදුරටත් සඳහන් කර ඇත.
No comments: