ඇඳිරි නීතිය ඉවත් කළත් සියලු උත්සව, වන්දනා සහ විනෝද චාරිකා තහනම්

සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා , සැණකෙළි , පෙරහැර , රැස්විම ආදිය තවදුරටත් නැවත දැනුම් දෙන තෙක් තහනම් වෙයි.

එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ද ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ් - 19 වෛරසය පාලනයකින් යුක්තව එදිනෙදා කටයුතු සිදු කළ හැකි බවයි.


No comments:

Powered by Blogger.