ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53ක්

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53ක්

ඊයේ (26) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 16 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගත් අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව යි.

නාවික හමුදා සාමාජිකයින්ට අමතරව සෙසු දස දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ ආසාදිතයින් ද වන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

No comments:

Powered by Blogger.