යාපනයේ කොරෝනා සැක සහිත 44කගේ පරික්ෂණ අවසන්- වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වෙයි

යාපනයේ කොරෝනා සැක සහිත 44කගේ පරික්ෂණ අවසන්- වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න පිළිබඳව රෝහල්ගත කෙරුනු පුද්ගලයින්ගෙන් 44 දෙනෙකු යාපනය රෝහලේදී පරික්ෂා කොට අවසන් බැවින් එම පුද්ගලයින්ට කොරෝනා වෛරසය  ආසාදනය වී නොමැති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර් තී මහතා පැවසුවේය.

පසුගිය දිනයන්හි යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ස්විස් දේවමෙහෙයට සහභාගී වූවන්ගෙන් පුද්ගලයින් 16 දෙනෙකුට කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව එම පිරිස් වල ඥාතීන් හා ඇසුරුකල පුද්ගලයින් මෙන්ම ශරීරයේ ඇති වූ අසාමාන්‍ය රෝග ලක්ෂණ වලට අනුව  මෙසේ යාපනය ශික්ෂණ රෝහලේ රසායනාගාරයේදී සිදුකරන ලද පරික්ෂණ වලට අනුව පුද්ගලයින් 44 දෙනෙකුට කොරෝනා වෛරසය  ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.

මේ අනුව යාපනය ශික්ෂණ රෝහලේ සේවයේ නිරත සේවකයින් 39 දෙනෙකුත්, කිලිනොච්චිය මහරෝහලේ සේවකයින් 4 දෙනෙකුත් යාපනය සෞඛ්‍ය නිලධාරියෙකුත් මෙසේ පරික්ෂණයන් සඳහා යොදාගෙන තිබුණි.

මේ වන විට උතුරු ප්‍රදේශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට කොරෝණා වයිරසය වැළඳී ඇති අතර ඉන් 16 දෙනෙකුම යාපනයෙන් වන අතර එක් අයෙකු වව්නියාව දිස්ත්‍රීක්කයෙන් හාඳුනාගෙන ඇති නමුත් එම රෝගියාද යාපනයේ ස්විස් දේව මෙහෙයට සහභාගී වූවෙකු බවට අනාවරනය වී ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Powered by Blogger.