මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

ඊයේ (18) දින රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 254 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගීන් 6 දෙනා ද වාර්තා වී ඇත්තේ වැලිසර නිරෝධයන මධ්‍යස්ථානයෙන් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දිනය සුවය ලබා ගිය රෝගීන් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර පුද්ගලයින් 155 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

No comments:

Powered by Blogger.