බේරුවල අවදානම් රතු කලාපයක්! කළුතර කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි පිරිස බේරුවල
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් 135 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති බවත් ස්වයං නිරෝධායන කටයුතුවල පුද්ගලයන් 206 දෙනෙකු යොමුකර ඇති බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පවසයි.
කොරෝනා ආසාදිත තත්ත්වයෙන් හඳුනාගත් රෝගීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 13ක් හඳුනාගෙන රෝහල් ගත කර ඇති අතර ඉන් 7 දෙනෙකුම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බව වාර්තා වේ.
ඒ හේතුවෙන් බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම්කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පෙන්වා දෙයි.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රටවල විදෙස් සංචාරකයන් මෙන්ම සිංගප්පූරුව ,කොරියාව, ඉන්දියාව, ඩුබායි සහ මැඩගස්කර වැනි රටවල් වලින් පැමිණි දේශීය පුද්ගලයන්ද කොට්ඨාසය ජීවත්වන බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
No comments: