ඇමරිකාවට භයානකයි…. ඊයේ කොරෝනා 9339යි.. ඕස්ට්‍රේලියා බරපතලකම වේගයෙන් ඉහලට !

යේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් 9339 ක් ඇමරිකාවෙන් හමු වී ඇත. ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 33546ක් වාර්තා කොට ඇත.

මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඇමරිකාව ඇතුළු යුරෝපය ගිල ගනිමින් පවතී.

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 39 දෙනෙක් පමණි. එය ඊට පෙර දින ට වඩා අඩු වීමකි .

එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට රෝගීන් වාර්තා වී ඇත.

දෙවනුව ඉතාලියත් 5560 ක් ද ස්පාඤ්ඤය 3272 ක් ද ජර්මනිය 2509 ද ප්‍රංශය 1559 ක්ද ස්විස්සර්ලන්තය 612 ක්ද එංගලන්තය 665 ක්ද ඕස්ට්‍රේලියාව 537 ක්ද නෙදර්ලන්තය 573ක් ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත.

ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 651 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 391 ක් ද ප්‍රංශ 112ක් ද ඇමරිකාව 117ක් ඇතුළු දිනක් තුල ලෝකයේ මරණ සංඛ්‍යාව 1628 ක් වාර්තා කොට ඇත.

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් 5 දෙනෙක් පමණක් වන අතර මේ වන තුරු කිසිම මරණයක් වාර්තා කර නොමැත . මෙම තත්වය පාලනය කිරීමට විශේෂයෙන් ම ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව මහත් උත්සාහයක් ගනිමින් පවතී.


No comments:

Powered by Blogger.