රාජිත වරදක් කළේ නැත්නම් ඇයි අපේක්ෂිත ඇප ඉල්ලන්නේ - තේනුක විදානගමගේ

රාජිත වරදක් කළේ නැත්නම් ඇයි අපේක්ෂිත ඇප ඉල්ලන්නේ - තේනුක විදානගමගේ

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කිසිදු වරදක් සිදුකර නොමැති නම් අතඅඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉල්ලීම පිළිබඳව සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පවසයි.

හාලිඇල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රාජිත සේනාරත්න මහතා වැරුද්දක් කර නොමැති නම් කල් තියා ඇපයක් ඉල්ලුම් කරන්නේ ඇයි ද යන්නයි.

තවමත් පොලීසියෙන් මේ ගැන කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති අවස්ථාවක මෙවැනි ඇප ඉල්ලුම් පත්‍රයක් දැමීම ගැටළු සහගත බවද ඒ මහතා පැවසීය.

රාජිත සේනාරත්න මහතා කිසි දිනෙක ජනාධිපතිවරණයේ දී ජනවරම වෙනස් වෙනු ඇතැයි අපේක්ෂා නොකළ බවද පැවසු ඒ මහතා, රාජිත සේනාරත්න මහතාට විරුද්ධව මෙම සිදුවීම පමණක් නොව අල්ලස් හා දුෂණ නඩු 18 ක් ඇති බවත් කියා සිටියේය.

No comments:

Powered by Blogger.