එජාපයත් සමඟ කිසිදු සාකච්ඡාවක් කරන්න සුදානමක් නෑ - අමරවීර

එජාපයත් සමඟ කිසිදු සාකච්ඡාවක් කරන්න සුදානමක් නෑ - අමරවීර

ඉදිරියේදී හෝ කිසිදු ලෙසකින් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුදානමක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, කුඩා පක්ෂ සන්ධාන ගත වෙමු යැයි පැවසු බවත් කියා සිටියේය.

එමෙන්ම තවත් පිරිසක් වෙනම අපේක්ෂකයෙක් දමන්නැයි පැවසු බවත් කියා සිටි අමරවීර මහතා, තවත් පිරිසක් යූඑන්පී අපේක්ෂකයාට උදව් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගත හැකි යැයි පැවසු බවත් පැවසීය.

කෙසේ නමුත් තමන්ගේ දැඩි ස්ථාවරය වුයේ ගෝඨාභය මහතා හැර කිසිවෙකු සමඟ සාකච්ඡාවක් පවා නොපවත්වන බව යැයි ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම තීරණයේ දී ඇතැමුන් පක්ෂය ආරක්ෂා වෙන්නේ නැතැයි පැවසු බවත් කියා සිටි අමරවීර මහතා, පක්ෂය ආරක්ෂා වුවත් රට ආරක්ෂා නොවන්නේ නම් වැඩක් නැතැයි පැවසු බවත් සඳහන් කළේය.

මේ වන විට සියයට 100ක් ජනතාව රටේ ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය මහතා ගැන විශ්වාසය තබා ඇතැයි ද පැවසු ඒ මහතා, පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් ද එවැනිම විශ්වාසයකින් වැඩ කරන බවද පැවසීය.

ග්‍රාමීය පළාත්වල යම් යම් ගැටළු ඇති බවත් එසේ වුවත් වෙනත් අතක් බැලිමට තමන් ඇතුළු සියලු දෙනා සුදානමක් නැතැයි ද පැවසු අමරවීර මහතා, කිසිදු සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කිරීමට සුදානමක් නොමැති බවත් කියා සිටියේය.

No comments:

Powered by Blogger.