අපිට තනතුරු මේනියාවක් නෑ - සජිත්
අනාගතයේදී තම පක්ෂයේ රජයක් බිහිවූ පසු සිදු කරන පළමු රාජ්‍ය කටයුත්ත ලෙස පළිගැනීමට ලක්වූවන්ට සහන ලබාදීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කුරුණෑගල පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමාට සහාය දැක්වුවන්ට ස්තූතිය පළ කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කුරුණෑගලදී ඊයේ (22) පස්රුවේ පැවැත්විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, අශෝක අබේසිංහ මහතා විසින් සුදානම් කරන ලද ජන රැළියට තමාට සහභාගී වීමට නොහැකි වීම ගැන ආරම්භයේ දීම තමා සමාව ඉල්ලා සිටින බවයි.
තම ප්‍රතිවාදියාට ජනාධිපතිවරණයේ දී එක් තරයක් පැවතියත් තමාට තරග දෙකක් පැවති බවත් සඳහන් කර සිටි සජිත් ප්‍රේමදාස මහතා, මැතිවරණ පසුබෑමකින් පසුව යළි සංවිධාන ශක්තිය ගොඩනඟා මහමැතිවරණයේ දී ඉහළ ජයක් ලැබීමට හැකි බවත් කියා සිටියේය.
පුළුල් සංධානයක් ගොඩනැඟීම තුළින් ඉතා හොඳ ප්රජාතන්ත්රවාදී තරගයක් ලබා දී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගමන් කරන බවත් ඒ මහතා පැවසීය.
තමා සතුව තනතුරු මේනියාවක් නොමැති බවත් පැවසු ඒ මහතා, තනතුරු හෝ වෙනත් වරදානයක් නිසාවෙන් පක්ෂය බෙදීමට ඉඩක් නොතියන බවත් කියා සිටියේය.
එම පසුබෑම තුළ අධික වශයෙන් දේශපාලනික පළිගැනීම් ක්‍රියාත්මක වන බවත්, දහස් ගණනක් අසහනයට පත්ව වන බවත් ජනාධිපතිවරණයේ දී ඉහළ කාර්යබාරයක් ඉටු කළ චම්පික රණවක මහතාගෙන් ද අද වන විට පළිගන්නා බව ප්‍රේමදාස මහතා පැවසීය.
තම ආණ්ඩුවක පළමු රාජ්‍ය කටයුත්ත ලෙස පළිගැනීම්වලට ලක් වු සියලු දෙනාටම සහන ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
No comments: