ගම්මිරිස්, කරුංකා, සියඹලා ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ගම්මිරිස්, කරුංකා, සියඹලා ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති.

ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවයි.

No comments:

Powered by Blogger.