ආවා කල්ලි සොයා යාපනයේ මෙහෙයුමක්
යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (22) විශේෂ සෝදිසි මෙහෙයුම්ක් කි‍්‍රයාත්මක කළ බව පොලිසිය පවසයි.
මෙම මෙහෙයුමට පොලිස්, යුද හමුදා හා විශේෂ කාර්ය බලකායේ භට පිරිස් සහභාගි වු බව යාපනය උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම මෙහෙයුමේ දී කිසිදු සැකකටයුතු පුද්ගලයෙක් හෝ භාණ්ඩයක් හමුවී නොමැත.
යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සෝදිසි කිරීම් මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණ වි ඇති අතර යාපනය නගරයේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම සෝදිසි මෙහෙයුම් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
No comments: