නව ජනපති සමඟ සාකච්ජා කිරීමට විග්නේශ්වරන් සූදානම් !

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ  සාකච්ජා කිරීමට තමන් සූදානමින් පසු වන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජනතාව වෙනුවෙන් කරුණු 13ක් අඩංගු යෝජනාවලිය භාර දුන්නද ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක දෙමළ ජනතාවගේ අනාගතය ගැන නව ජනාධිපති සමඟ සාකච්ජා කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

"අපි කියන්නේ මොනවහරි කන්න බොන්න දෙන්න කියලා නෙවෙයි. අපේ ජීවිතවල අනාගතය මොකක්ක්ද වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. අපේ තරුණයින්ගේ අනාගතය ගැන හොඳ තීරණයක් ගන්න අවශ්‍යයි."

කෙසේවෙතත් පත්ව සිටින ජනාධිපතිවරයා දෙයක් කිරීමට අවශ්‍ය යැයි සිතුව හොත් එය සිදුකිරීමට හැකියාවක් පවතින බව ද විග්නේශ්වරන් මහතා කියාසිටියි.

එමෙන්ම හොඳ විසඳුමක් ලැබෙනු ඇතැයිද විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් කියාසිටියි. 


No comments:

Powered by Blogger.