සංවර්ධිත දේශයක් නිර්මාණය ඒකායන අරමුණ බව සජිත් කියයි
එදා දුටුගැමුණු රජ සමයේ දී මුළු රටම එක්සේසත් කළා මෙන් අභිමානවත් සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පැවසීය.
“සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, ඇල්ලගල හා බෙරලිහෙළ යා කරමින් කිරිඳිඔය හරහා ඉදිකළ “මහරජ ගාමිණී අභය” පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
අද කවුරුන් කුමන ප්‍රකාශ සිදු කළද දශක ගණනාවක සිට රට තුළ ජීවත්වන විවිධ ජාතීන් හා ආගම්වලට අයත් ජනතාව කුමන හෝ හේතු මත භේද භින්න සිටින බවත්, විවිධ හේතුමත කොටස්වලට කැඩී වෙන්ව ගිය මාතෘ භූමිය එක්සේසත් කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
No comments: