මෛත්‍රී - කරූ සාකච්ඡාවක් : චන්ද්‍රිකා සජිත්ව ගේන්න එපා කියලා : 26 දා වෙනසක් !
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානායක කරූ ජයසූරිය මහතා අතර හමුවක් සංවිධානය කිරීමට දෙපාර්ශවයේ පිරිසක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
මීට පෙර ජනාධිපතිවරයා කථානායකවරයා හමු නොවී සිටීමේ දැඩි ස්ථාවරයක සිටියද මේ වන විට ලැබෙන ඉල්ලීම් අනුව එම ස්ථාවර වෙනස්ව ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ මේ හමුව රහස් සාකච්ඡාවක් නොවනු ඇති බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
මේ සාකච්ඡාවේ අරමුණ 2015 දී පරාජයට පත් කළ රාජපක්ෂ මතවාදය 2019 දී ද පරාජයට පත් කිරීම බවද පැවසේ.
චන්ද්‍රිකා විරෝධය
මේ අතර, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීම සඳහා සහ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇති බව සති අන්ත අරුණ පුවත්පත වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 22 වැනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති බවද එහි දැක්වේ.
එම රැස්වීම පැවැතී ඇත්තේ විනාඩි 20ක පමණ කාලයක් බවත්, එහිදී මෙම ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපතිනිය, ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පැවසේ.
ඉල්ලීම ඉටු කරන්නේ නම් අවශ්‍ය ආරක්ෂාව ලබාදීමටද තමන්ට ඉදිරියේදී හැකියාවක් පවතින බව හිටපු ජනාධිපතිනිය මෙහිදී ප්‍රකාශ කළ බව පැවසේ.
හිටපු ජනාධිපතිනිය සහ ජනාධිපතිවරයා අතර සෘජු සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණේ වසරකට පමණ පසුව බවද වාර්තා වේ.
26 දා,
මේ අතර, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම රැස්කළ ද ජනාධිපති අපේක්ෂකයා තේරීමට රහස් ඡන්දයක් ලබා නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.
කෙසේවුවද, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම රැස්කර ජනාධිපති අපේක්ෂකයා තෝරන්නැයි කළ ලිඛිත ඉල්ලීමට එළඹෙන සදුඳා (26) තෙක් පිළිතුරක් නොලැබුණහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා බව සජිත් පාර්ශවයේ ප්‍රචාරක අජිත් පී පෙරේරා කියා සිටී.
මේ අතර, වෙනත් පක්ෂ නොහදන බවද පෙරේරා අමාත්‍යවරයා කියා සිටී.
srilankamirror

No comments: