ගාල්ලේ තහනම් මිනුම් උපකරණ රැසක් අල්ලයි

ගාල්ල කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා ඒකකය විසින් ගාල්ලේ ප්‍රධාන නගර කීපයක කරනු ලැබූ හදිසි වැටලීම්වලදී වාර්ෂිකව නියමිත පරිදි මුද්‍රා නොතැබූ කිරුම් මිනුම් උපකරණ 20ක් සිය භාරයට ගෙන ඇත. මෙහිදී නියමිත පරිදි මුද්‍රා නොතබා පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් කරනු ලැබූ බද්දේගම ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පිරවුම් යන්ත්‍රයකටද සීල් තබා ඇත.
මෙම නීති විරෝධී කිරුම් මිනුම් යන්ත්‍ර භාවිත කරනු ලැබූ ආයතන අතර අහංගම ප්‍රදේශයේ කුරුඳු අපනයන කරනු ලබන ආයතනයක්ද බද්දේගම ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට අයත් උපකරණද වූ බව මෙම ඒකකය පවසයි. මේ අතර, මෙම වැටලීම්වලදී භාවිතයට තහනම් කරන ලද කිරුම් මිනුම් උපකරණ 06ක්ද වැටලීම්වලින් භාරයට ගෙන ඇත.
මෙම වැටලීම්වලදී පිටිවැල්ල බූස්ස, අහංගම නගරය, බද්දේගම නයාපාමුල, වඳුරඹ ඇල්ල කන්ද යක්කලමුල්ල යන ප්‍රදේශවල සිදුකර ඇත. මෙසේ අත්අඩංගුවට ගත් උපකරණ අතර, වසර 03කට වඩා මුද්‍රා නොමැතිව නීතිවිරෝධීව භාවිත කරන ලද කිරුම් මිනුම් උපකරණද වූ බව ගාල්ල කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා ඒකකය සඳහන් කරයි.
මෙම මුද්‍රා නොමැතිව හා නීතිවිරෝධී ලෙස කිරුම් මිනුම් උපකරණ භාවිත කරන ලද වෙළෙඳසල් හිමියන් දැනුවත් කර තිබූ අතර, එම උපකරණ නියමිත පරිදි මුද්‍රා තබාගැනීමේ ක්‍රියාවලිය අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදුකර ගත හැකි බවද මෙම ඒකකය පෙන්වා දෙයි. මේ අතර, ඉදිරි මාසයේ සිට එක් මාසකට දින 05ක හදිසි වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ගාල්ල කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා ඒකකය සඳහන් කරයි.
No comments: