ජාතික හැදුනුම්පත් දෙක බැගින් ළග තබාගෙන සිටි මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතික හැදුනුම්පත් දෙක බැගින් ළග තබාගෙන සිටි මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතික හැදුනුම්පත් දෙක බැගින් ළග තබාගෙන සිටි නැගෙනහිර පළාතේ මුස්ලිම් තරුණයින් දෙදෙනෙකුව ඊයේ (15) යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

හැදුණුම්පත් පරීක්ෂා කිරීමේදී මෙම හැදුණුම් පත් හමු වී ඇති අතර පුද්ගලයින් දෙදෙනා ළග තිබී හමු වී ජාතික හැදුණුම්පත් හතරේ සදහන් විස්තර පුද්ගලයින් හතර දෙනෙකුගේ තොරතුරු බව පොලීසියට සනාථ වී තිබේ.

මේ තරුණයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් යාපනයට පැමිණි හේතූන්ද පැහැදිලිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ.

යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යයි.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.