ත්‍රස්ථ ක්‍රියා සිදුකරන්නන්ට තරාතිරම නොබලා මරණ දඬුවම ලබා දිය යුතුයි

ත්‍රස්ථ ක්‍රියා සිදුකරන්නන්ට තරාතිරම නොබලා මරණ දඬුවම ලබා දිය යුතුයි

රස්තවාදී හා අන්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට අනුබල දෙන ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ තරාතිරම නොබලා මරණීය දණ්ඩනය ලබා දිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියි.

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය උපයෝගී කර ගනිමින් රට තුළ තවත් ඛේදවාචකයක් ඇති කර රට ගිනි තැබීමට දේශපාලන හස්ත රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියා උපයෝගී කර ගනිමින් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ඔවුන් උත්සහා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

83 කළු ජූලිය සමඟ ද්‍රවිඩ ජනතාවගේ නිවාස, දේපළ, ව්‍යාපාරික ආයතන හා ජීවිත රැසක් විනාශ වූ අතර එම සිදුවීමෙන් අනතුරුව L.T.T.E.ත්‍රස්තවාදී සංවිධානයට නොසිතූ අයුරුන් පිරිස් එකතු වී එහි ශක්තිය වැඩි වූ බවත් පැවසූ අමාත්‍යවරයා, ඉකුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට තුළ කැරලි කෝලාහල ඇති කිරීම තුළින් ISIS ත්‍රස්තවාදීන්ටත් එලෙස ශක්තිය ලබා දෙනවාද කියා රටේ ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බව ප්‍රකාශ කර සිටියේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ රුපියල් ලක්ෂ 1,000 ක වියදමින් ඉදි කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව මහජන පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (16) දින සහභාගී වෙමිනි.

No comments:

Powered by Blogger.