විශ්වාසභංගයට සහය දෙන්නේද නැද්ද මෙතෙක් තීරණයක් ගෙන නෑ
ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන්නේ යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්රී ලංකා නිදහස් පක්ෂය වගකීමෙන් යුතුව තීන්දුවක් ගන්නා බව ද ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
No comments: