මදුෂ් සඟවා තිබූ ආයුධ වැලිවේරියෙන් සොයාගනී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මඳුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ දී ඊයේ (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකාර මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වූ තොරතුරු මත රහස් පොලිසියේ විශේෂ කාණ්ඩායමක් මෙම ආයුධ සොයා වැලිවේරිය ප්‍රදේශයට ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මාකඳුරේ මධුෂ්ගේ මඟ පෙන්වීම මත සොයා ගත් බව කියන මෙම ආයුධ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ත්‍රස්ත්‍රවාදය වැළැක්මේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය මත විශේෂ සිර මැදිරියක රඳවා මේ වන විට ප්‍රශ්න කර ගෙන යයි.
No comments: