මංගලට පොළොන්නරුවේ විහාරස්ථානවලට පැමිණීම තහනම් වෙයි

මංගලට පොළොන්නරුවේ විහාරස්ථානවලට පැමිණීම තහනම් වෙයි

වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථානයට පැමිණීම තහනම් කර ඇති බව පුලතිසි පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ පූජ්‍ය කන්දේගම දීපවංශාලංකාර හිමියන් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට විරෝධය පලකරමින් මෙම තීන්දුව ගත් බවයි.

මෙම තීන්දුවට එරෙහිව කිසියම් විහාරස්ථානයක් කටයුතු කරන්නේ නම් එම විහාරස්ථානය සමඟ සිදුකරන ශාසනික කටයුතු සියල්ල අත හරින බවද උන්වහන්සේ කියා සිටියහ.

No comments:

Powered by Blogger.