බේරුවලදී හමුදා කැළෑ ඇඳුම් සමඟ 5ක් අත්අඩංගුවට

බේරුවලදී හමුදා කැළෑ ඇඳුම් සමඟ 5ක් අත්අඩංගුවට

බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් පස්දෙනෙකු සමඟ යුද හමුදා කැළෑ ඇඳුම් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

කැමා බැනියම් 6ක්,  දිග කලිසම් 2ක්, ටී ෂර්ට් 6ක්, කොට කලිසම් 6ක් සහ කුඩා කලිසම් 24ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන් සහ බේරුවල පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා අතර අනන්‍යතාවය සනාථ කරගත නොහැකි වූ පුද්ගලයන් තිදෙනෙකුද සිටින බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බේරුවල පොලිසියට බාර දී ඇත.

No comments:

Powered by Blogger.