අප්‍රේල් 21 ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

අප්‍රේල් 21 ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව ය.
 
ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ද සොයාගෙන තිබේ.
 
සැකකරු රඳවා තබා ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.