ලංකාවටම වෙන්වූ ඇස්බැස්ටස් තහඩු රුසියාව නිපදවයි
ශ්‍රී ලංකාව සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටස් තහඩු වර්ගයක් හදුන්වාදීමට පියවර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම හඳුන්වාදිම රුසියාව මඟින් සිදු කරයි. ලෝකයේ ඇස්බස්ටස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි.
නව ඇස්බස්ටස් තහඩු වර්ගය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුවත් කිරීම කොළඹ දී පසුගියදා සිදු කෙරිනි.
රුසියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා , ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.
No comments: