"බැඳුම්කර වංචාවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් ළඟදීම CIDයෙන් අත්අඩංගුවට - රනිල්ගෙනුත් කට උත්තරයක්"

හෙට අනිද්දා වනවිට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද කට උත්තර ගැනීමට ඔවුන් ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාව මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණය නියැළී සිටින බවටයි ඒ මහතා චෝදනා කළේය.

මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස ඇමතිකම් සඳහා දැඩි කෑදරකමක් දක්වන අය බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ඉඟි පළවීමත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් ද දියත් වී ඇති බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ 20 වන සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිවරණ අපේක්ෂකයාට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව අවහිර කිරීම සඳහා බවත් ඒ මහතා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.