විදුලි අර්බුදයට හේතුව ගැටුමක්

විදුලි අර්බුදයට හේතුව ගැටුමක්

මේ දිනවල ඇතිව තිබෙන විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නේ රටේ මහජනතාව බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වූ බව වාර්තා වේ.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් රැස්වීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.

ඇමැතිවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු එම කමිටුවට පත්කරනු ලැබ සිටිති.

No comments:

Powered by Blogger.