"අපේ රේස් එකෙත් හොඳම කෙනා දිනනවා" - නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂය තුළ දෙවන පෙල ශක්තිමත් නායකයින් රැසක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවීන් දිසානායක මහතා පැවසීය.

 නවීන් දිසානායක අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ පසුගියදා තලවකැලේ විද්‍යා සේකර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍යංශයේ රු මිලියන 8 ප්‍රතිපාදන යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙල ශක්තිමත් නායකයින් සමඟ වත්මන් රජය ශක්තිමත් ලෙස පවත්වාගෙන යන අතරතුර එක්සත් ජාතික පක්ෂයද ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලඥයන් විවිධ මත දරන පුද්ගලයන් බවත්, ඇතැම් දේශාපාලඥයන් කපටිකමින් ජන්ද දායකයින් මුලා කර ජන්දය ලබා ගන්නා පිරිසක් බවයි හෙතෙම මහතා කියා සිටියේ.

ඉංග්‍රිසි භාෂාවට වඩා ලෝකයේ චීන භාෂාව ඉදිරියට පැමිණ ඇති බවත්, චීන භාෂාව ඉගෙන ගැනිම තුළින් රැකියා ලබා ගැනිමේ අවස්ථාව උදාවන බවත් නවීන් දිසානායක මහතා පැවසුවේය.

රාජ්‍යය නිලධාරින් රැසක් මේ වන විටත් චීන භාෂාව ඉගෙන ගනිමින් සිටින අතර නුවරඑලිය ගාමිණිදිසානායක අභ්‍යාස ආයතනයේ දැනට ඉගෙන්විම් කටයුතු කරන ඉංග්‍රිසි භාෂාවට අමතරව චීන භාෂාව ඉගෙන්විමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

No comments:

Powered by Blogger.