ජනපතිගේ කඩුවෙන් කුඩු මඩින හැටි සමන්ත විද්‍යාරත්න කියයි

ජනපතිගේ කඩුවෙන් කුඩු මඩින හැටි සමන්ත විද්‍යාරත්න කියයි

ඔය මෛත‍්‍රිපාල ජනාධිපති තුමාට අවුරුදු හතරකට පස්සේ මතක් වෙලා කුඩු මඩින්න යනවා. කුඩු මඩින්න යන්නේ ඇයි දන්නවාද. දැන් ඡන්දය එනවා ලග. දැන් මොකක් හරි කරන්න ඕනි. ඒ නිසා කුඩු මඩින්න හදනවා. මෛත‍්‍රිපාල මහත්තයාට ඕනි නම් ඔය කඩුවෙන් කපලා කුඩු මඩින්න කොටන්න ඕනි පාර්ලිමේන්තුවෙන් භාගෙට විතර යැයි ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභා මන්ත‍්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.

ඒ මහතා මේ අදහස් පල කලේ ඌව පරණගම ජනතා විමුක්ති පෙරමුණ ආසන බල මන්ඩලය සදහා සහභාගි වෙමිනි.

ඌව පළාත් සභා මන්ත‍්‍රි සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය.

"දැන් මේ දවස් වල ලොකුවට කතා කරන දෙයක් තමයි කුඩු මඩින්න ඕනි කියන එක. රටේ කුඩු වසන්ගතයක් වෙලා. කුඩු මර්දනය කරන්න ඕනිලූ. අදරණීය අම්මේ තාත්තේ. කුඩු ඉබේ ඇති උනේ නැහැ. ලංකාවේ කුඩු නැහැ. අපේ රට තියෙන්නේ වාසනාවන්ත පිහිටිමක. අපි වැටක් ගහලා වෙන් කරපු රටක් නෙමෙයි. අපි මුහුදෙන් වෙන් වෙච්චි රටක්. පිටින් තමයි කුඩු එන්න ඕනි. එන්න තියෙන්නේ ක‍්‍රම දෙකයි. එක්කෝ මුහුදෙන් එන්න ඕනි. එක්කෝ ගුවනින් එන්න ඕනි. ගුවනින් එනකොට ගුවන් තොටුපල වලින් මේක නවත්වන්න පු`එවන්. මුහුදෙන් එනකොට ආරක්ෂක අංශ වලට නාවික හමුදාවට නවත්වන්න පුඑවන්. ආරක්ෂක අංශ කියනවා අපිට පැය විසිහතරෙන් කුඩු මඩින්න පු`එවන් කියලා. දෙන්නේ නැහැ. ඒවාට අවස්තාවක් දෙන්නේ නැහැ. ආරක්ෂක අංශවලටත් කුඩු මඩින්න බැරිනම් කුඩුත් එක්ක බලය බැදිලා තියෙන්න ඕනි. කුඩුත් එක්ක බලය හා ධනය ගැටගැහිලා තියෙනවා නම් හමුදාවට පොලිසියට මඩින්න බැහැ. ඇත්ත ප‍්‍රශ්නය තමයි කුඩුත් එක්ක බලය ගැටගැහිලා තියෙන්නේ. කුඩුත් එක්ක ඇමති වරු ඉන්නවා. කුඩුත් එක්ක ආණ්ඩු ඉන්නවා. එතකම් කුඩු කුඩු කරන්න බැහැ. මේ මත් කුඩුත් එක්ක දේශපාලනය ගැට ගැහිලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු පාලාත් සභා වල ලොක්කෝ කුඩුත් එක්ක ගැටගැහිලා කුඩු සල්ලි විසි කරලා තමයි සිල් රෙදි බෙදන්නේ නම් කුඩු සල්ලි විසි කරලා නම් ටකරන් බෙදන්නේ කුඩුත් එක්ක ගැටගැහිච්ච පක්ෂ තියෙනවා නම් කුඩු මඩින්න ලේසි නැහැ."

"මේ කුඩු නිසා අද සමහර පවුල් මේ රටේ කුඩු කරලා තියෙනවා. සමාජ සේවා අමාත්‍යාංශය කියනවා මේ රටේ පවුල් පනහකින් එක පවුලක් කුඩු වලට ඇබ්බැහි වෙලා .කුඩු නිසා ප‍්‍රශ්ණ වලට මැදි වෙලා කියලා. ලංකාවේ දිනකට සමාජ සේවා අමාත්‍යාංශය කියන විදිහට සිය දිවි නසා ගන්නා ප‍්‍රමාණය 14 ක්. සෑම මිනිත්තු 90 වකට වරක් ලංකාවේ කාන්තාවක් කොහෝ හරි දූෂණයට ලක් වෙනවා. බලහත්කාරකමකට ලක් වෙනවා. ඔයම ම කිව්වේ වාර්තා වන ප‍්‍රමාණය. වාර්තා නොවෙන ප‍්‍රමාණය සංඛ්‍යාවලින් හොයන්න අමාරුයි. කුඩු විසින් සමාජයත් රටත් කුඩු කරලා තියෙන්නේ. කාගෙද ප‍්‍රතිපත්ති. කවුද ආණ්ඩුකලේ. ඒ අය මේ වට වගකියන්න ඕනි නැද්ද. ඒ කට්ටිය හදපු ප‍්‍රශ්ණය මඩින්න දැන් කෝටි ප‍්‍රකෝටි ගනන් වියදම් කරලා ව්‍යාපෘති ගෙනැල්ලා. ඕක මඩින්න අමාරුයි. ඔය මෛත‍්‍රිපාල ජනාධිපති තුමාට අවුරුදු හතරකට පස්සේ මතක් වෙලා කුඩු මඩින්න යනවා. කුඩු මඩින්න යන්නේ ඇයි දන්නවාද. දැන් ඡුන්දය එනවා ලග. දැන් මොකක් හරි කරන්න ඕනි. ඒ නිසා කුඩු මඩින්න හදනවා. මෛත‍්‍රිපාල මහත්තයාට ඕනි නම් ඔය කඩුවෙන් කපලා කුඩු මඩින්න කොටන්න ඕනි පාර්ලිමේන්තුවෙන් භාගෙට විතර කොටන්නේ නැහැ."

"කඩුව පෙන්නනවා විතරයි. ඔය මෛත‍්‍රි රනිල් බලයට ආවේ 2014 මොනවා කියලද. හොරකම මේ රටේ ප‍්‍රශ්ණයක් වෙලා. රාජපක්ෂවරු හොරකම් කලා. වංචා කලා. අපිට බලය දෙන්න. යහ පාලනය හදනවා. ඔක්කොම හොරු හිරේ දානවා. වංචාකාරයෝ රටින් අතුගාලා දානවා. හොරකම් කරපු සිය`එ දේපල රාජසන්තක කරනවා කියලා තමයි බලයට ආවේ. අල්ලපු හොරෙක් නැහැ. බෙරේ පලූවකුත් නැහැ. හැබැයි හොරු ඇල්ලූවේ නැතුවට මුන් මහ බැංකුව ඇල්ලූවා. අල්ලලා ඒක හොරකම් කලා. හොරු ඇල්ලූ නැති බව සත්්‍ය මුත් මහ බැංකුව අල්ලා සොරකම් කල බව නම් සත්‍යයි. කල්පනා කරලා බලන්න. අද මේ රට ඉතා අදුරු යුගයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් පක්ෂ බදාගෙන හිටිය ඇති. වැරදි තැන්වල හිටියා ඇති. දැන් ඒවා අත්හරින්න ඕනි. නිවැරදි තැන් තොරා ගන්න ඕනි. එහෙම නැතිව රටක් ගමක් ගොඩගන්න බැහැ. අපේ කාලය ඉවර වුනත් අපේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕනි. ඔවුන්ට ගමනක් තියෙන්න ඕනි. අන්න එතෙන්ට රට ගේන්න ඕනි. සොදුරු වාක්‍ය වලින් රට ගොඩගන්න බැහැ. ජේ.ආර්. ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කිව්වා. හැදිච්ච ධර්මිෂ්ඨ සමාජයක් නැහැ. චන්ද්‍රිකා ඇවිල්ලා කිව්වා විවෘත ආර්ථිකය අමානුෂිකයි ඒ නිසා මානුෂික මුහුණුවරක් හදනවා කියලා. හැදිච්ච මනුස්ස මුහුණක් නැහැ. මහින්ද මහත්තයා කිව්වා සුභ අනාගතයක් කියලා. රටට සුභ අනාගයක් නැහැ. හැබැයි රාජපක්ෂ පවුලට සුභ අනාගයක් හදා ගත්තා. අපිට සුභ අනාගයක් ආවේ නැහැ. ආශ්චෛර්යමත් රටක් හදනවා කිව්වා. හැබැයි රටට ගමට ආව ආශ්චර්යක් නැහැ." යැයිද සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.

No comments:

Powered by Blogger.