"කරන්ට් නැති එක අපිට නම් ප්‍රශ්නයක් නැහැ - අපිට ජෙනරේටර් තියෙනවනේ"
මේ දිනවල දිනකට පැය හතරක පමණ කාලයක් කාල සටහනකට අනුව විදුලිය සැපයුම විසන්ධි කරන අතර එය සාමාන්‍ය ජන ජීවිතයට ඉතා අහිතකර ලෙස බලපෑම් එල්ල කරමින් තිබේ.
දෛනික වැඩ රටාව මේ හරහා වෙනස් වීමත් විශේෂයෙන් වැඩකරන කාලය තුළ සැලකිය යුතු කාලයක් විදුලිය විසන්ධි කිරීම බරපතල තත්ත්වයකි. එහෙත් පවත්නා තත්ත්වය හමුවේ මෙලෙස පාලනයකට යටත් නොවුන හොත් අඛණ්ඩව විදුලි සැපයුම සිදුකිරීමට නොහැකි තත්ත්වයකට පත්වන බව විෂය භාර අමාත්‍යාංශයෙන් පවසයි.
ඒ අනුව මේ දිනවල දේශපාලන පිටියේත් මෙම කාරණය බරපතල ලෙස සාකච්ජාවට ගෙන තිබෙන අතර ආණ්ඩු පක්ෂය විපක්ෂයේ චෝදනාවට ලක්වෙමින් සිටියි.
ඊයේ(28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිවර්තන කේන්ද්‍රය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේද මෙම කාරණය සාකච්ජාවට ගැනුණි.
විදුලිය විසන්ධි වීම මැති ඇමතිවරුන්ට බලපෑමක් එල්ලකර ඇත්ද යන්න මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු, එස්.බී. දිසානායක,බන්දුල ගුණවර්ධන සහ තිලංග සුමාතිපාල මහත්වරුන්ගෙන් විමසීමක් කළේය.
එහිදී එස්. බි. දිසානායක මහතා පැවසුවේ විදුලිය විසන්ධි වීමෙන් තමන්ට ප්‍රශ්නයක් නොමැති බවයි. ඔවුන්ගේ නිවෙස්වලට පවා ජෙනරේටර් පවතින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
No comments: