විදුලි අර්බුදයට වගකිව යුතු අය ගැන සජිත් කතා කරයි
පවතින විදුලි අර්බුදයට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් සියලු දෙනා වගකිව යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි.
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ තංගල්ල නෙටොල්පිටිය, පට්ටිපොළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත 1939,1940 සහ 1941 ක් වන ග්රාමශක්ති ගම්මාන සඳහා මුල්ගල තැබීම ඊයේ (29) පස්වරුවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරුණි.
පසුගිය රජය විසින් ඉදිකරන ලද නොරොච්චෝලය විදුලි බලාගාරය නවීන හා කාර්යක්ෂම එකක් වූයේ නම් අද වන විට කාර්යක්ෂමව රටට විදුලිය සැපයීමේ හැකියාවක් ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියි.
තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
No comments: