ඉදිරි ජනපතිවරණයේදි මෛත්‍රී, මහින්ද,ගෝඨා එකම වේදිකාවක සිට නායකත්වය දෙන බව මහින්දානන්ද කියයි

ඉදිරි ජනපතිවරණයේදි මෛත්‍රී, මහින්ද,ගෝඨා එකම වේදිකාවක සිට නායකත්වය දෙන බව මහින්දානන්ද කියයි

මෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවැසුයේ දවුලගලදි උඩුනුවර තේ ව්‍යාපාරික එකමුතුව විසින් පවත්වනු ලැබු උත්සවයකදිය.

 එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,

“රනිල් ජනාධිපති වුවහොත් ව්‍යාපාරිකයින් මේ රට අත් හැර යනවා නම් හොඳයි. ව්‍යාපාර සියල්ල ඉවරයි. මේ වසර 4  ඇතුලත කෙසෙල් ගෙඩිය විකුණන , අඹ ගෙඩිය විකුණන මිනිසුන්ගෙන් අහන්න බිස්නස් වැටිල නැද්ද කියල. මිනිසුන්ට බදු ගහනවා බඩු මිල ඉහළ ගිහිල්ල. මිනිසුන්ට ජිවත් වෙන්න බැ. ඒ නිසා අපි සියලුම දෙනා එකතුව මේ ආණ්ඩුව ගෙදර යවන්නට කටයුතු කල යුතුයි. බැදුම්කරයේ හොරකම් ටික වහගන්න රනිල් විකුමසිංහ කටයුතු කරනවා. හෙට අනිද්දට කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නවා තව සතියක් දෙකක් යද්දි අගමැතිතුමාගෙන් කට උත්තර ගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට අධිකරණයට යන්න වෙයි කියල බයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න උත්සාහ ගන්නවා. නමුත් මම වගකිමකින් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා මොනම හේතුවකටවත් එක්සත් ජාතික පක්ෂය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්නෙ නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් සියලු වාමාංශික පක්ෂත් එකතුව ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඉදිරි ජනාධිපතිවරණයේදි තමන්ගේ අපේක්ෂකයා ජනාධිපතිවන බවද “

No comments:

Powered by Blogger.