චම්පිකගේ වජිරගේ වැය ශීර්ෂ විපක්ෂය ප්‍රශ්නයක් කර ගන්න එපා - අපි යළි සම්මත කර ගන්නම්
පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන ඇමැතිවරුන් දෙදෙනාගේ අමාත්‍යාංශවල වැය ශිර්ෂ යළි සම්මත කර ගැනීමට කටයුතු කරන නිසා විපක්ෂය එය ප්‍රශ්නයක් කරගත යුතු නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.
එම වැය ශීර්ෂ පරාජයට පත්වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබෙහි නොසිටීමෙන් සිදු වූ වරදක් නිසා බව පිළිගන්නේ යෑයි ද අගමැතිවරයා පැවසුවේය.
අදාළ වැය ශීර්ෂ පරාජය වූ නිසා ඒ සඳහා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා -
ප්‍රධාන අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත් වුණා. වැය ශීර්ෂ දෙක පරාජය වූ පසු අයවැය ක්‍රියාවලියේ පූර්ණ වෙනසක් වෙනවා. ඒ පිළිබඳ ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -
අප්‍රේල් 30 දා දක්වා අමාත්‍යාංශවලට මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා කලබල විය යුතු නෑ. අප්‍රේල් 30 දාට කලින් අපි ඒ වැය ශීර්ෂ අනුමත කර ගන්නවා.
බන්දුල ගුණවර්ධන මහතා -
විසර්ජන පනත් කෙටුම්පතෙන් මේ ශීර්ෂ ඉවත් වනවා. නැවත මේවා අරගෙන කැබිනට් එකට යන්න වෙනවා. ඉන්පසු පරිපූරක ඇස්තමේන්තුවක් ලෙසයි ඉදිරිපත් කළ හැක්කේ.
කිරිඇල්ල මහතා -
මේකෙන් ඉවත් වෙන්නේ රුපියල් දහයයි. ඒ වුණත් ස්ථාවර නියෝග අනුව අපි මෙය ඉදිරිපත් කරනවා. ආණ්ඩුව වැටෙන්නෙ නෑ. බය වෙන්න එපා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා -
මීට පෙර මෙවැනි සිද්ධීන් අපේ ආණ්ඩුව කාලෙත් වුණා. තොණ්ඩමන් සහ රත්නසිරි වික්‍රමනායක යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ. එවැනි අවස්ථාවල කථානායකවරයා අපට ගෙන්වලා අවශ්‍ය කටයුතු කළා. ඒ ගන්නා වූ ක්‍රියාමාර්ගය ගත්තට අපේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. ඒත් ඒ සඳහා කෙටි ක්‍රියාමාර්ග සොයනවා නම් ඒක ප්‍රශ්නයක්.
සභානායක - විපක්ෂ නායකතුමාත් සාකච්ඡාවකට ගෙන්වලා අපි ඒaක කරමු.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -
දෙවැනි වර කියෑවීමේදී අයවැය සම්මත කළා. ඒත් ඊයේ කාරක සභා අවස්ථාවේදී වැය ශීර්ෂ සම්බන්ධව ගෙන ආ යෝජනාවෙන් ඒ අමාත්‍යාංශයට වෙන් කර තිබූ රුපියල් බිලියන තුන්සිය දොළහෙන් රුපියල් තුන්සිය විස්සක් කපා හැරියා. ඒ මුදල අඩු කරලා අපිට ඉදිරියට යන්නත් පුළුවන්. ඒක සමඟ යන්නත් පුළුවන්. මෙතැන අපෙන් වරදක් සිදුව තිබෙනවා. අපේ මන්ත්‍රීවරු හිටියේ නෑ. සම්ප්‍රදායට අනුව සංශෝධනයක් දාලා ඒ රුපියල් තුන්සිය විස්සත් එකතු කරනවා. ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි සම්මත කර ගෙන දෙන්නම්.
සබැඳි පුවත් : වැය ශීර්ෂය පැරදුණ හේතුව පාඨලී කියයි
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් පරාජයට
No comments: