පරාජය වූ වැය ශිර්ෂ අප්‍රේල් 30ට පෙර යළි පාර්ලිමේන්තුවට
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වය ශිර්ෂ එළඹෙන අප්‍රේල් 30 වැනිදාට පෙර ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට හැකි බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ඊයේ දිනයේදී පරාජයට පත් වූ වැය ශිර්ෂ සම්බන්ධයෙන් ඉදිරියට අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාදැයි යන්න බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන්ගේ ආණ්ඩු කාලයේදී පවා මෙවැනි දේ සිදුව ඇති අතර එවිට කථානායකවරයා සමඟ සාකච්ජා කර ක්රියාමාර්ගයගෙන ඇති අතර එවැන්නක් කිරීමේ කිසිදු ප්‍රශ්නයක් නැති බවයි.
අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂය වැඩි ඡන්ද 18කින් පරාජයට පත්වූ අතර මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 14කින් පරාජය විය.
සබැඳි පුවත් : මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් පරාජයට
No comments: