මත්ද්‍රව්‍ය වැටලීම අප්‍රේල් 03 වැනිදා සිට පුළුල් කිරීමට පියවර
කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන මස 03 වැනි දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ, ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ශක්තිමත් අයුරින් එම වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැකසුම් කර ඇති බවයි.
හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.
No comments: