"කොකේන් කමිටුවේ සභාපති ලෙස පත්කරන්නට සිටියේ මාවයි - මම ඕනෑකමින්ම ඉල්ලා අස්වුණා” - රවී
පාර්ලිමේන්තුවේ කොකේන් භාවිතා කරනු ලබන මැති ඇමැතිවරු සිටිනවා කියා කියනවනම් එය නම්වලින් ඔප්පු කොට පෙන්විය යුතු බවත් නිකරුණේ එවැනි ප්‍රකාශයන් සිදු කොට මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය නැති කරන්න ඉඩ ලබාදීම සුදුසු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේය.
කිතුල්ගල, යටිබේරිය බ්‍රෝඩ්ලන් ජල විදුලි බලාගාරයේ ඉඳි කිරීමේ හා එම ව්‍යාපෘතියෙන් ගැටළු මතුව ඇති ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
”ළාබාල ප්‍රකාශ කිරීමෙන් මන්ත්‍රීවරුන්ට කරනු ලබන අපහාසය මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ නැහැ එක්කෙනෙක්වත් එහෙම කරනවා කියලා. එහෙම කොකේන් භාවිතා කරනවනම් නම්වලින් ඒවා ඔප්පු කරලා කතා කරනවා මිසක් නිකරුණේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය නැති කරන්න හොද නැහැ.අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මැතිතුමා තමයි ඒ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ. ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස මමයි පත්කරන්න හිටියේ. නමුත් මම ඕනෑකමින් ඉල්ලා අස්වුණා. ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න තියෙන නිසා. ආණ්ඩු පක්ෂයේ කියන සියළුම දේට විශ්වාසයක් නැහැ කියන මාධ්‍යයට ලබන අගහරුවාදාට බලාගත හැකියාව තියෙනවා ඒ පිළිබඳව. බ්‍රෝඩ්ලන් ජල විදුලි ව්‍යාපෘතිය නිසා ගැටළු ඇතිව තිබෙන පවුල් 31ක ජනතාවගේ සියළුම ගැටළු ලබන අප්‍රේල් අවුරුදු වලට ප්‍රථම විසදනවා. පියදාස මන්ත්‍රීතුමා කීවා හැටන් – ශ්‍රිපාද මාර්ගයේ කිලෝමීටර් 03ක් පමණ අබලන්ව පවතින බව. විදුලිබල මණ්ඩලයත් සමග කතා කොට එම මාර්ග කොටස කඩිනමින් සකස් කර දීමට පියවර ගන්නවා.”
No comments: