ඉරානයේ බල්ලන්ට තහනමක්



ප‍්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම තහනම් කිරීමට ඉරානය තීරණය කර ඇතැයි BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, ටෙහෙරාන් නගරයට එය මුලික ලෙස බලාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි අරමුණ ජනතාවට එල්ල වන බාධා අවම කිරිම බවයි සඳහන් වන්නේ.

නීතිය නොතකා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව එරට පොලිසිය ප‍්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක වනවා.

No comments:

Powered by Blogger.