ජනපති සටනට එන බවට ගෝඨා ඉඟි කරයි

ජනපති සටනට එන බවට ගෝඨා ඉඟි කරයි

මීළග ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවට මත පල වුයේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඇරඹී වියත් මඟ වැඩසටහන සමඟය.

නමුත් මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය වසරේ අග භාගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ධුරය ලබා දීමත් සමග ගෝඨාබය  ජනපති සටනට ඉදිරිපත් වීමේ කතාබහ අඩු වුණේය.

කෙසේ වෙතත් වියත් මඟ වැඩසටහනකදී  ගෝඨාබය රාජපක්ෂ මහතා මෑතකදී කල ප්‍රකාශයක් හා ඊට සුවිශේෂිත්වයක් ලබා දෙමින් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.

එහි දැක්වුණේ මේ  වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සුදානම් බවය.

No comments:

Powered by Blogger.