විමල් වීරවංශගෙන් ටිල්වින් සිල්වාට මිලියන 10 ක වන්දියක්



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතිය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල  උල්ලංගනය වී ඇති බව පවසමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් මෙම නඩුව පවරා තිබිණ.
දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ වානිජ මහාධිකරණය අද තීන්දුව  ප්‍රකාශයට පත් කළා.
 ඒ අනුව අධිකරණය තීරණය කළේ එම  කෘතිය ප්‍රසිද්ධියට පත් කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල උල්ලංගනය වී ඇති බවයි.
ඒ අනුව අදාළ කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අධිකරණය නියෝග කළේ රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙසය.
ඊට අමතරව අධිකරණය අදාළ කෘතිය ප්‍රසිද්ධියට පත් කිරීම වලක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළා

No comments:

Powered by Blogger.