19 සංශෝධනය කිරීමට එජාපෙ විරෝධය

19 සංශෝධනය කිරීමට එජාපෙ විරෝධය

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමට ඉඩ ලබා නොදෙන බවත් පුරවැසියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පැවැසිය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න හදන දුෂ්ඨ බලවේග තමයි 19 වැනි සංශෝධනය ආපසු හරවන්න එකතු වෙලා ඉන්නේ. අපි එක්සත් ජාතික පෙරමුණ ලෙස 19 වැනි සංශෝධනය නෙමෙයි පුරවැසියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. පුරවැසියා දුර්වල කරලා දේශපාලකයා ශක්තිමත් කරන ඕනෑම ක්‍රියාවලියකට එරෙහිව පෙනී සිටිනවා”

No comments:

Powered by Blogger.