අද මධ්‍යම රාත්‍රීයේ සිට ත්‍රී රෝද රථ ගාස්තුව රු 10 කින් පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ත්‍රී රෝද රථ ගාස්තුව රු 10 කින් පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රී රෝද රථ ගාස්තුව රු 10 කින් පහළ දැමීමට ජාතික ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝ රථ සම්මේලනය තීරණය කර තිබේ.

ආණ්ඩුවේ සහාය ඇතිව ජනතාවගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගත් බව සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව හෙට සිට පළමු කිලෝමීටරයට අවම ගාස්තුව රු. 50 තෙක් පහත යනු ඇති අතර එසේ නොකරන ත්‍රී රෝද රථ කුලියට නොගන්නා ලෙස එම සම්මේලනය පවසයි.

මීට පෙර දෙවන කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 5.00 කින් අඩු කිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝ රථ සම්මේලනය තීරණය කර තිබුණි.

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක් ද දෙවන කිලෝමීටරයට රුපියල් 45 ක් ද අය කරනු ලැබේ.

No comments:

Powered by Blogger.