අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ : විජයදාස රාජපක්ෂ යළි එජාපයට.



අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හෙට (29) දිනයේදී යළි එක්සත් ජාතික පක්ෂය  සමඟ සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වී තිබේ.

අද උදෑසන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතා  තමන්ට මහරගම එක්සත් ජාතික පක්ෂ මහරගම සංවිධායකධූරය සහ ප්‍රභල අමාත්‍යධූරක් පිරිණමන්නේ නම් තමුන් හෙට දිනයේදී එජාපය සමඟ යළි එක්වන බවට දැනුම්දී ඇති ඇත.

විජයදාසගේ වෙනසට හේතුව

පසුගිය සතියේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් මහරගම ප්‍රදේශයේ  ජනරැළියක් සංවිධානය කල අතර ඊට අපේක්ෂා නොකල මට්ටමේ ජන සභාගීත්වයක් සිදුවිය.  පසුගිය සමයේදී විජයදාස රාජපක්ෂ මහතාට සහය  පළ කල සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයින් රැසක්ද එම ජන රැළියට සහභාගී වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී මහරගම ආසනය සදහා තනි එජාප බලය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට හිමිවීමත්, පොදුජන පෙරමුණ ඇතුලු රාජපක්ෂ කඳවුරේ උපාලි කොඩිකාර, ඉසුර දේවප්‍රිය වැනි පුද්ගලයින් හමුවේ මනාප සටන උග්‍රවීමත් යන කරුණු මත  විජයදාස රාජපක්ෂ මහතාගේ අනාගත දේශපාලනය බරපතළ අර්බුදයකට ලක්වීම මෙම  තීරණය ගැනීමට ප්‍රධානම හේතුව වී තිබේ.

නඩුවේ අවාසිය
නීතිඥයෙකු වශයෙන් ජනාධිපතිවරයාගේ නීතිවිරෝධි ක්‍රියාපිළිවෙතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව පිළිබඳව යම් පූර්ණ නිගමනයකට එළඹීම මත ඔහු මෙලෙස එජාපය සමඟ එක්වීමේ අදහසේ දැඩිව සිටියි.  සති කිහිපයකට ඉහතදී තමන් විසින්ම ඉදිරිපත් කල නීති තර්ක නුදුරේදීම අධිකරණය හමුවේ පුස්සක් වන බවට ඔහුට හැඟි ගොස් තිබේ.

www.reporter.lk

No comments:

Powered by Blogger.