ශ්‍රී ලංකාවට වැරැද්දක් කළ බවට ෆේස්බුක් සමාගම පිළිගනී

ශ්‍රී ලංකාවට වැරැද්දක් කළ බවට ෆේස්බුක් සමාගම පිළිගනී

ශ්‍රී ලංකාව සම්බන්ධව ෆේස්බුක් ආයතනය විසින් වැරැද්දක් සිදුකළ බවට එහි විධායක නිලධාරීයෙකු වන රිචඩ් ඇලන් මහතා විසින් මේවන විට පිළිගෙන තිබේ.

ඊයේ(27) අන්තර්ජාතික නඩු විභාගයක් අතරතුරදී අදාළ නිලධාරීයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් එම විධාක නිලධාරියා එය පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය ෆේස්බුක් අඩවිය තුළ ඉවත් නොකිරීම වැරැද්දක් බව ඔවුන් පිළිගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබේ.

මාර්තු මාසයේ මහනුවර දිගන ප්‍රදේශයේදී ඇතිවු ජාතිවාදය ප්‍රශ්නය ගැන සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වින් ටොං අදාළ විධායක නිලධාරීයාගෙන් ප්‍රශ්න කර තිබේ.

ජාතිවදය ප්‍රකාශ කරමින් ‍ෆේස්බුක් වෙබ් අඩවියේ සිංහලෙන් පැතිරූ ප්‍රකාශ හේතුවෙන් මුස්ලිම් පුද්ගලයන් මිය ගි‍ය බවටද, එය ෆේස්බුක් ආයතනයේ නීතිරීති වලට පටහැනිද? යන්න ෆේස්බුක් ආයතනයේ විධායක නිලධාරියාගෙන් අදාළ මන්ත්‍රීවරයා ප්‍රශ්න කර ඇත.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විධාක නිලධාරීවරයා එය පිළිගෙන ඇත. සිංහල ජාතීන් හා මුස්ලිම් ජාතීන් අතර විරුද්ධ මත තිබුණ කාල වකවානුවක මෙවැනි ප්‍රකාශ ‍ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය වීම මඟින් ශ්‍රී ලංකාව තුළ දැඩි ජීවිත හා දේපළ හානි සිදුවූ බව එඩ්වින් ටොං මහාතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

No comments:

Powered by Blogger.