‘සිරිසේන - රාජපක්ෂ කුමන්ත්රණයෙන් ආර්ථිකය අගාධයකට වැටිලා’ - මංගල කියයි
සිරිසේන - රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය නිසා රට ආර්ථීක වශයෙන් බලවත් අගාධයකට පත්ව ඇතැයි හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ දී ඊයේ (20) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
එක් පුද්ගලයකුගේ හීනමානය දුෂ්ටකම හා වගකීම් විරහිතභාවය හේතුවෙන් මුළු මහත් රටක් හා ජනතාවක් ආර්ථික වශයෙන් අවපාතයට ලක් කිරීමට ඉඩ නොතැබිය යුතු බවද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
පාර්ලිමේන්තුව පිළිගන්නා නීත්‍යනුකූල අගමැතිවරයෙක් ,කැබිනට් මණ්ඩලයක් සහ මුදල් ඇමැතිවරයෙක් නොමැතිව ලබන ජනවාරි මාසයේ සිට රටේ ආර්ථීක පවත්වාගෙන යන්නේ කෙසේ දැයි තමා නොදන්නා බවද මංගල සමරවීර ඇමැතිවරයා පැවසීය.
ලබන ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියනයක අතිවිශාල ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ අතිවිශාල ණය මුදලක් ගෙවීම ශ්‍රී ලංකාවට සිදුවන අතර එම ණය ගෙවීම පමා කළහොත් ජාත්‍යන්තර වශයෙන් හා ආර්ථික වශයෙන් රට බලවත් අගාධයකට පත්වන බවද එහිදී සමරවීර මහතා සඳහන් කළේය.
එහිදී මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.
රංජන් කස්තුරි
ww.reporter.lk
No comments: