20/20 චණ්ඩියෝ නම් කෙරෙති


අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි 20 ශ්‍රේණිගත කිරීමේ සටහන යාවත්කාලින කිරීමට පසුගිය 25  වැනිදා සිදුවිය.
නවතම ශ්‍රේණිගත කිරීම අනුව ප්‍රසාද ලකුණු 858 ක් ලබා පිතිකරණ අංශයේ පෙරමුණ ගැනීමට පකිස්තානයේ බාබර් අසාම් සමත්ව තිබේ. මෙහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින්  නවසීලන්තයේ කෝලින් මුන්රෝ සහ ඕස්ට්‍රේලියාවේ ආරෝන් ෆින්ච්ට හිමිව තිබේ.
පන්දු යවන්නන්ගේ සහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රශීඩ් ඛාන්ට හැකියාව ලැබී ඇත.මෙහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් පකිස්තානයේ ශඩාබ් ඛාන් හා ඉන්දියාවේ කුල්දීප් යාදේව්ට හිමිව තිබේ.
ප්‍රසාද ලකුණු 362 ක් ලබා ග්ලේන් මැක්ස්වෙල් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ සටහනේ පෙරමුණ ලබා ගනිද්දී, ප්‍රසාද ලකුණු 313 ලබා ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබී දෙවන තැනට පත්ව තිබේ. මෙම අංශයේ කලක් සිට පෙරමුණ ලබාගෙන සිටි බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් තෙවන තැනට පත්ව ඇති අතර, ජේ.පී ඩුමිනි සිව්වන තැනට පත්ව තිබේ.
විස්සයි 20 ශ්‍රේණිගත ගත කිරීම් අනුව පිතිකරණ අංශයෙන් හෝ පන්දු යවන්නන්ගේ අංශයෙන් මුල් ක්‍රීඩකයන් 10 දෙනා අතරට පැමිනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපොහොසත් වී ඇත. එහෙත් තුන් ඉරියව්  ක්‍රීඩකයන්ගේ සටහනේ මුල් ක්‍රීඩකයන් 10 දෙනා අතරට පැමිණීමට තිසර පෙරේරා සමත්ව ඇත. ඔහු මෙම සටහනේ පස්වන තැනට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 213 ක් ලබා ගනිමිනි.

www.reporter.lk

No comments:

Powered by Blogger.