T20 නායකත්වය තිසරට



සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 27 දා පැවැත්වීමට  නියමිත විස්සයි20 ක්‍රිකට් තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත හිමිව තිබේ.

එම තරගය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ අනුමැතිය ලැබී තිබේ. යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයට කුසල් මෙන්ඩිස් නම්කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය - තිසර පෙරේරා (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, දසුන් ශානක, කමිදු මෙන්ඩිස්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්


No comments:

Powered by Blogger.