කොණ්ඩ මෝස්තරය වෙනස් කළා කියලා අරණායක සිසු නායකයාට ප්‍රහාරයක්

අමුතුම ආකාරයට කොණ්ඩය කපාගෙන පාසලට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුගේ කොණ්ඩය පාසලේ ශිෂ්‍ය නායකයකු විසින් කතුරකින් කපා දැමීම සම්බන්ධයෙන් කෝපයට පත් වී පාසල හමාර වී යන අවස්ථාවේදී සිය
සොහොයුරකුද සමග එක්වී ඔහුට

පහරදී ඇතැයි කියන සිද්ධියක් අරණායක පොලීසියෙන් වාර්තා වේ.අරණායක ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන මෙම කොණ්ඩා මෝස්තර සිසුවා එම විදුහලේ ගුරුවරියන් තිදෙනකු දැක තිබෙන අතර පසුව ඒ සම්බන්ධ ශිෂ්‍ය නායකයකු දැනුවත්කර කතුරක් ලබා දී කොණ්ඩය කපන ලෙසට පවසා ඇත.

පසුව ශිෂ්‍ය නායකයා කොණ්ඩා මෝස්තරය කපා පැමිණි සිසුවාගේ කොණ්ඩය කපා දමා තිබේ. මේ සම්බන්ධව කෝපයෙන් පසු වූ ඔහු පාසල නිම වී යන අවස්ථාවේ තම වැඩිමල් සොහොයුරෙකු සමග එක් වී පාසල ඉදිරිපිටදීම ශිෂ්‍ය නායකයාට පහරදී ඇති අතර පහරකෑමට ලක් වූ සිසුවා අරණායක දිසා රෝහලට ඇතුළත් කර ඇත.  පහර දුන් පුද්ගලයන් අරණායක පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව පසුව ඇප මත මුදාහැර තිබේ.

-රෝහන් සී.ප්‍රේමතිලක-

No comments:

Powered by Blogger.