ඝාතන කුමන්ත්‍රණ කතා නාලකගෙ හඬපටයේ නැහැ - රාජිත


ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ හඬ පටයේ ඝාතන කුමන්ත්‍රණ කතා කිසිවක්‌ නැතැයි කැබිනට්‌ සම මාධ්‍ය
ප්‍රකාශක ඇමැති

රාජිත සේනාරත්න මහතා ඊයේ (17 වැනිදා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම හඬ පටයේ සංවාදය සත්‍ය වුවත් එහි ඝාතන කුමන්ත්‍රණයක්‌ ගැන කිසිදු වචනයක්‌ නොමැති බව ද හෙතෙම කීවේය. ඝාතන කුමන්ත්‍රණ ගැන කීමට පෙර එම සංවාදයේ තිබෙන්නේ මොනවාද යන්න දැනගන්නා ලෙස ද ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

පොලිස්‌ ඔත්තුකරුවකු මෙම කතාව කර ඇති බව කී හෙතෙම ඔය වැනි කාඩ්බෝඩ් බලවේග ඕන තරම් තිබෙන බව ද කියා සිටියේය.

-රනිල් ධර්මසේන-

No comments:

Powered by Blogger.