මත් කුඩු ප්‍රවාහනයට සුවසැරිය රථය යොදාගත් සේවකයා හසුවේ


බණ්‌ඩාරවෙල නගරයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි සුවසැරිය 1990 ගිලන්රථ සේවාවේ සේවකයකු පසුගිය 19 දා හෙරොයින් මිලි ග්‍රෑම් තිහක්‌ සමග බණ්‌ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්‌ඩාරවෙල පොලිසිය පවසයි.
හාලිඇල උඩුවර පහේ

කණුව පදිංචි, බණ්‌ඩාරවෙල පොලිසියට ලබාදී ඇති සුවසැරිය ගිලන් රථ සේවාවේ සේවයේ නියුතු වයස අවුරුදු විසි හතක පුද්ගලයකු හෙරොයින් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සුවසැරිය ගිලන් රථ සේවාවේ සේවකයකු බණ්‌ඩාරවෙල නගරයේ හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට බණ්‌ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරක්‌ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.

බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි බණ්‌ඩාරවෙල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්‌ෂණය යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- කරුණාරත්න පල්ලේගම -

No comments:

Powered by Blogger.